News Line| Off Air
Generic placeholder image

Jul
3

උද්ඝෝෂණයක් හේතුවෙන් යාපනේ සිට කොළඹ එන දුම්රියත් ප්‍රමාදයි

517 Views


උද්ඝෝෂණයක් හේතුවෙන් යාපනේ සිට කොළඹ එන දුම්රියත්  ප්‍රමාදයි

අද(03) උදෑසන යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු දුම්රිය උද්ඝෝෂණයක් හේතුවෙන් පැයක් පමණ ප්‍රමාද වී ඇති බව වාර්තා වෙනවා.

මෙම උද්ඝෝෂණයට හේතු වී ඇත්තේ පසුගිය ජූනි මස 25 වන දින කිලිනොච්චි භාරති පුරම් ප්‍රදේශයේ 55 මංසන්ධිය ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ට්‍රක් රථය ගමන් කිරීමේදී දුම්රියේ ගැටී හමුදා සෙබළුන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විමට හේතු වී ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට සංඥා පුවරු හා නාලා පද්ධතියක් සවිකර දෙන ලෙද ඉල්ලමින්ය.
කිලිනොච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් හා දුම්රිය ස්ථානයේ නිලධාරීන් පිරිසක් සමඟ මේ සම්බන්ධයෙන් ඇති සාකච්ඡාවකින් අනතුරුව උද්ඝෝෂකයින් විසිර ගොස් ඇති බව වාර්තා වෙනවා.මේ හේතුවෙන් යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය පැයක් පමණ ප්‍රමාද වී ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post