ණය බරින් ජනතාව පෙළෙන සංවර්ධනයක් වෙනුවට ආදායම් උපයන සංවර්ධන ක‍්‍රියාවලියක් වත්මන් රජය ක‍්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ආයතන මගින් සිදු කළ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙන්ම භෞතික සංවර්ධනයට සමගාමීව ජනතාව තුළ මානව සංවර්ධනයක් සිදු කිරීමේ අභිලාෂය සහිතව ”පන්නරය” නමින් වැඩසටහනක් ඊයේ කොළඹ දී සංවිධානය කර තිබුණා.
”ඉන්න හිතෙන රටක්” යන්න වැඩසටහනේ තේමාවයි.
”පන්නරය” ජාතික ව්‍යාපාරය යටතේ ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 14 ක් ක‍්‍රියාත්මකයි.