News Line| Off Air
Generic placeholder image

Jul
3

රීට් පෙත්සම පිළිබද වැඩිදුර විභාගය අද අභියාචනාධිකරණයට

480 Views


රීට් පෙත්සම පිළිබද වැඩිදුර විභාගය අද අභියාචනාධිකරණයට

මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොණු කළ රීට් පෙත්සම පිළිබද වැඩිදුර විභාගය අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.
ඊයේ පෙත්සම කැඳවනු ලැබුවේ පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
පෙත්සම මගින් ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කර ඇති බැවින් අභියාචනාධිකරණයට එය විභාග කිරීමට බලයක් නොමැති බවට නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළා.
කෙසේ වෙතත් පෙත්සම මගින් අභියෝගයට ලක් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තීරණය නොවන බවත් මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන ඇති තීරණය පමණක් බවයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.
මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ මාධ්‍යවේදී මලින්ද සෙනවිරත්න මහතා විසින්.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවරයා සහ බන්ධනාගාර කොමසාරිස්වරයා නම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post