News Line| Off Air
Generic placeholder image

Jul
3

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා අද ජනාධිපති කොමසම හමුවට

545 Views


අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා අද ජනාධිපති කොමසම හමුවට

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා අද ජනාධිපති කොමසම හමුවට කැඳවා තිබෙනවා.
ඒ, පාසල් පෙළ පොත්වල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ වර්ණ ඡායාරූපයක් ඇතුළත් කිරීම හේතුවෙන් සිදු වූ බව කියන මූල්‍ය පාඩුව සම්බන්ධ පැමිණිල්ලේ සාක්ෂි ලබා දීම සඳහායි.
අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය පලමුවනදා ජනාධිපති කොමිසම හමුවේ ප‍්‍රකාශයක් ලබා දුන්නා.
2018 වසරේ අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා ද කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දී තිබෙනවා.
පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින්.
ජනාධිපති කොමිසම පත්කර ඇත්තේ පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ විමර්ශනය කිරීම සඳහායි.
පසුගිය කාල සීමාවේ සිදු වූ මූල්‍ය අක‍්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 07 ක් පවරා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post