News Line| Off Air
Generic placeholder image

Jul
3

දැන් මාතලේටත් මහාධිකරණයක්

483 Views


දැන් මාතලේටත් මහාධිකරණයක්

මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම ලබන 05 වනදා සිදු කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මාතලේ නව මහාධිකරණයේ විනිසුරු ලෙස පත්කොට ඇත්තේ මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතායි.
මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 41 ක්.
මාතලේ දිස්ත‍්‍රික්කය සදහා රුපියල් මිලියන 850 ක මුදලක් වැය කරමින් නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළේ 2017 වසරේදීයි.
නව මහාධිකරණ මගින් නඩු 350 ක් පමණ විභාග වීමට නියමිත බවයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ.
අපරාධ නඩු 250 ක් හා සෙසු නඩු 100 ක් ඒ යටතට අයත්.
මෙරට මහාධිකරණයක් නොමැති එකම දිස්ත‍්‍රික්කය මාතලේ දිස්ත‍්‍රික්කය වන අතර, මීට පෙර එම දිස්ත‍්‍රික්කයේ මහාධිකරණ නඩු කටයුතු සිදු වුයේ මහනුවර මහාධිකරණය මගින්.


News Articles
Latest Videos
Most Popular Post