News Line| Off Air
Generic placeholder image

Jul
4

එංගලන්තය ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

511 Views


එංගලන්තය ලෝක කුසලානයේ  අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 119කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.එංගලන්තය ලද මෙම ජයග්‍රහණය තුලින් වසර 27කට පසුව ඔවුන්ට අවසන් පූර්ව වටය එළඹිමට අවස්ථාව ලැබුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 305ක් රැස් කළා. එහිදී ජොනී බෙයාර්ස්ටෝ වේගවත් ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 45ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 186ක් පමණි. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ 03වන පරාජය ද මෙයයි. ඔවුන් මේ දක්වා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිස සිටින කිසිඳු කණ්ඩායමක් පරාජයට පත්කර නොතිබීම ද විශේෂත්වයක්.

මේ සමගම ඔවුන්ගේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවලට ද යම් බලපෑමක් එල්ල වී තිබෙන අතර ඒ, පාකිස්තානය එළඹෙන තරගයේ දී බංග්ලාදේශය පරාජය කළහොත් ඔවුන්ගේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව ද නවසීලන්තයේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව හා සම වීම හේතුවෙන්. ඒ අනුව අවසන් තීරණය ගනු ලබන්නේ කණ්ඩායම් 02හිම දළ ලකුණු වේගය මත බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post