කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා දිවෙන තෙල් නල එලීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මේ වනවිට අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ 2015 වසරේදී වන අතර ඒ අබලන් වී ඇති නළ පද්ධතිය වෙනුවෙන් නව නළ පද්ධතියක් එළීම සඳහායි.
එහෙත් එම කටයුතු මෝදර මහවත්ත ප‍්‍රදේශයේදී නතර කිරීමට ඉකුත් දා සිදු වුණා. ඒ එහි සිටින අනවසර පදිංචිකරුවන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන්ය. එම ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට තවත් ඇත්තේ මීටර් 140ක පමණ දුරකට තෙල් නල එලීමට පමණක් බව ඛණිජ තෙල් වෘත්තීය සමිති ප‍්‍රකාශ කල අතර ඔවුන් කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය නතර වීමට එම ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වන අමාත්‍ය රවී කරුණානායක ද බාධා කිරීම් සිදු කළ බවයි.මෙම අර්බුදය මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ පෞද්ගලික විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම නතර කිරීමටයි වෘත්තීය සමිති තීරණය කර තිබුණේ.
එහෙත් ඛණිජ තෙල් වෘත්තීය සමිති ඉකුත් සඳුදා එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය තාවකාලිකව අත්හිටවූයේ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සමග පැවැති සාකච්ඡාවකින් පසුවයි.
එහිදී ලැබුණු විසඳුම් අනුව අද (04) සිට යළි ව්‍යාපෘතිය ආරම්භ කරන බව නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ වැඩබලන සභාපති ජගත් විජේගුණරත්න මහතා වැඩිදුරටත් සදහන් කළා. මේ අතර අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රකාශ කළේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතු තෙල් නල අලුත් වැඩියා කිරීමේ දී මහවත්ත ප‍්‍රදේශයේ පවුල් 300කට පමණ සිය නිවාස පිළිබඳ ඇති වන ගැටළුවට අද පෙරවරුවේ විසඳුම් ලබාදෙන බවද වාර්තා වෙනවා.
මේ අතර අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රකාශ කළේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතු තෙල් නල අලුත් වැඩියා කිරීමේ දී මහවත්ත ප‍්‍රදේශයේ පවුල් 300කට පමණ සිය නිවාස පිළිබඳ ඇති වන ගැටළුවට අද පෙරවරුවේ විසඳුම් ලබාදෙන බවද වාර්තා වෙනවා.