ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාහුල් ගාන්ධි තීරණය කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ මහ මැතිවරණයේදී ලද පරාජය තමන් බාර ගන්නා බවයි.
ඒ අනුව පක්ෂ නායකත්වයෙන් මෙන්ම විපක්ෂ නායක ධුරයෙන් ද ඉවත් වන බව රාහුල් ගාන්ධි සදහන් කලා.
රාහුල් ගාන්ධි මීට පෙර ද පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කල ද එම තීරණය වළක්වනු ලැබුවේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් විසින්.
රාහුල් ගාන්ධිගේ නායකත්වය යටතේ කොංග‍්‍රස් පක්ෂය මහ මැතිවරණ දෙකකට මුහුණ දුන් අතර භාරතීය ජනතා පක්ෂය හමුවේ පරාජය වීමට සිදු වුණා.
කොංග‍්‍රස් පක්ෂය ඉන්දියාවේ ප‍්‍රධානම විපක්ෂයයි.