News Line| Off Air
Generic placeholder image

Jul
4

ලෝක කුසලාන බලාපොරොත්තුව ගිලිහෙද්දී උනන්දුවා ශතකය සම්පූර්ණ කරයි

1186 Views


ලෝක කුසලාන බලාපොරොත්තුව ගිලිහෙද්දී උනන්දුවා ශතකය සම්පූර්ණ කරයි

හපුතන්ත‍්‍රිගේ දීප්ති පි‍්‍රයන්ත කුමාර ධර්මසේන ලෝක කුසලාන කි‍්‍රකට් තරග බිමේ විනිසුරු මඩුල්ලේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරනවා. ඔහු තම කී‍්‍රඩා දිවියේ තවත් කඩඉමක් පසු කළා. ඒ විනිසුරුවරයෙක් ලෙස තරග 100 ක් නියෝජනය කිරීමෙන්.

48 වන වර්ෂයේ පසුවන ධර්මසේන අදටත් නොදැවුණු කී‍්‍රඩකයෙක්. 96 ලෝක කි‍්‍රකට් කිරුළ දිනාගත් ශී‍්‍ර ලංකා විරුවෙක් වන ධර්මසේන එදා කවුරුත් හැදින්වූයේ උනන්දුවා ලෙසයි. කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් ධෛර්යවන්ත වූ ඕනෑම මොහොතක සටන් වදින කී‍්‍රඩකයෙක් ලෙස ඔහු කී‍්‍රඩාවෙන් නම් දරා සිටියා.

මීට වසර 10 කට පෙර ශී‍්‍ර ලංකා පිලට සමුදුන් මේ උනන්දුවා ජාත්‍යයන්තර කි‍්‍රකට් කවුන්සිලය හා සම්බන්ධ වන්නේ කි‍්‍රකට් විනිසුරුවෙක් ලෙසයි.එදා සිට මේ දක්වා ජාත්‍යයන්තර 100 ක විනිසුරුවරයා ලෙස කටයුතු කළ ධර්මසේන වරක් ලොව හොදම විනිසුරුවරයා ලෙසද සම්මානයට පාත‍්‍ර වුණා. පිත්තත් පන්දුවත් අතර ගැටුමේ නිවැරදි පන්දුව ලබාදෙමින් ඔහු ශී‍්‍ර ලංකා අභිමානය තව තවත් ඔසවා තබනු නොඅනුමානයි.

ශී‍්‍ර ලංකා විනිසුරුවරයාගේ දක්ෂතා සටහන
තරග සංඛ්‍යාව
1. අශෝක ද සිල්වා                     1999 – 2002                                    122
2. කුමා ධර්මසේන                      2009 – 2019                                    100
3. රුචිර පල්ලියගුරුගේ              2011 – 2019                                        76
4. මිරෝන් විජේවර්ධන              1999 – 2013                                         52
5. රෙන්ටෝ මාර්ටින්ස්               2010- 2018                                         46
6. කේ.ටී ෆ‍්‍රැන්සිස්                       1982 – 1999                                         56


News Articles
Latest Videos
Most Popular Post