News Line| Off Air
Generic placeholder image

Jul
4

කුඩු සියාම්ට අභියාචනාධිකරණයෙන් මරණ දණ්ඩණය තහවුරු වෙයි

575 Views


කුඩු සියාම්ට අභියාචනාධිකරණයෙන් මරණ දණ්ඩණය තහවුරු වෙයි

මත්කුඩු ජාවාරම්කරුවකු වන මොහොමඞ් සමූන් මොහොමඞ් සියම් නොහොත් කුඩු සියාම් නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබා දුන් මරණ දණ්ඩණය අද අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා. එමෙන්ම ඔහුගේ බිරිඳ වන මුර්ශිදා සියාම් නැමැත්තියට ලබා දුන් ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවමද අභියාචනාධිකරණය අද තහවුරු කර තිබෙනවා.

ඒ, විත්තිකරුවන් විසින් 2007 වර්ෂයේදී කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගයකට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සමේ නියෝගය ප‍්‍රකාශයට පත් කරමින්.

වෝඞ් පෙදෙසේ පිහිටි නිවසේදී විත්තිකරුවන් හෙරොයින් කිලෝග‍්‍රෑම් 23 ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවේ 2003 වර්ෂයේ නොවැම්බර් මස 28 දායි.

කෙසේවෙතත් ශුද්ධ හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 9 සන්තකයේ තබා ගැනීමට අදාළවයි විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post