News Line| Off Air
Generic placeholder image

Jul
4

අක්මීමන පාසලකට සැකකාර ලෙස ඇතුළු වෙන්න ගිය පුද්ගලයෙකු වෙඩි පහරින් මරුට

597 Views


අක්මීමන පාසලකට සැකකාර ලෙස ඇතුළු වෙන්න ගිය පුද්ගලයෙකු වෙඩි පහරින් මරුට

අද(04) දහවල් 12.05 ට පමණ අක්මීමන පොලිස් වසමේ මානවිල් ප්‍රදේශයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලට ඇතුළු වීමට ගිය මෙම පුද්ගලයා නතර කර පරීක්ෂා කිරීමට උත්සහ කර ඇති අතර, එහිදී මෙම පුද්ගලයා විසින් යුද හමුදා නිලධාරීයාට බාධා කරමින් ගිනි අවිය උඳුරා ගැනීමට උත්සහ දරා ඇති බව පැවසෙනවා. එම අවස්ථාවේ දී එය මැඩ පැවැත් විමට යෑමේ දී මෙම පුද්ගලයාට වෙඩි වැදී ඇත .

උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයේ ආරක්ෂක රාජකාරී යොදවා තිබුණේ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු බවද සදහන් වෙනවා.මිය ගිය ගොස් ඇති පුද්ගලයා 39 හැවිරිදි අයෙක් බව අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය පරීක්ෂණ සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post