අතරමග නවතා දමා තිබූ මාතර – හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.ඒ, ඉදිකිරීම් කටයුතු සිදු කරන චීන සමාගමේ නියෝජිතයින් සහ මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසුවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට තීරණය කර තිබුණේ මාස 10කින් ගෙවීමට තිබූ මුදල් මෙතෙක් නොගෙවීම හේතුවෙන්. මුදල් නොගෙවීම හේතුවෙන් ඉදිකිරීම් නතර කරන බවට අදාළ සමාගම ලිඛිතව දැනුම් දී තිබු බවද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සදහන් කළා. ඒ අනුව චීන සමාගමේ නියෝජිතයින් සහ මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසුව යලි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා
මුදල් ගෙවීමේ ගැටළුව හැර සෙසු ගැටළුවලට විසඳුම් ලබාදුන් බවත් හිඟ මුදල් ගෙවීමට අදාළ තීන්දුව ලබන 09 වැනිදා ගන්නා බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මුදල් ගෙවීමට අදාළ තොරතුරු ඉකුත් වසරේ ඔක්තෝබර් 26 වැනිදා ලබාදුන්නද සිදු වූ ආණ්ඩු පෙරළිය හේතුවෙන් මුදල් ලබා ගැනීමට නොහැකි වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.