News Line| Off Air
Generic placeholder image

Jul
5

පළාත් කිහිපයකට වැසි

517 Views


පළාත් කිහිපයකට වැසි

දිවයිනේ සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

ඒ හැරුණු විට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව පැවසෙනවා.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා තද සුළං ද, වයඹ පළාතේත් මාතර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-45 දක්වාවන තරමක් තද සුළං ද ඇති විය හැකි හැකි බව කාලගුණ දෙපාර්මේන්තුව වැඩිදුරටත් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post