ඉදිරි ආණ්ඩුවකදී කිසිඳු මුස්ලිම් වැසියෙකුට හානියක් සිදුවීමට ඉඩ නොතබන බවත් වහබ් අන්තවාදය රැක ගනිමින්, මුස්ලිම් වැසියන් සමාජයෙන් කොන් කළ වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉදිරි මැතිවරණයේදී ඔවුන් තීන්දුවක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා. නුගේගොඩ ඊයේ පැවැති වහබ් අන්තවාදයට එරෙහි ජනතා රැළිය අමතමින් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.
එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ද මෙම රැළිය අමතමින් ප්‍රකාශ කලේ සිංහල ජනගහනයට සාපේක්ෂව මුස්ලිම් ජනතාව වේගයෙන් වර්ධනය වන බවත් ජනගහන ප‍්‍රතිශතය සම්බන්ධයෙන් අනාවැකියක් පළ කිරීමට ඉදිරියෙදී තමන් බලාපොරොත්තු වන බවද ඒ මහතා සදහන් කළා
.