මඩකලපුව, පුදූර් ප‍්‍රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී එක් නිලධාරියෙකුගේ රිවෝල්වරයක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 04 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රියැදුරු බලපත‍්‍ර නොමැතිව යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේ දීයි.
අනතුරුව එම පුද්ගලයින් දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙන යන අතරතුර තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම මාර්ගය හරස් කර ඇති අතර එහිදී ඔවුන්ගේ යතුරු පැදිය බිම ඇද වැටී තිබෙනවා.
පසුව එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කිහිපදෙනෙකු, පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී ඇති බවයි පොලීසිය පැවුසවේ.
එහිදී පොලිස් නිලධාරීයෙකුගේ රිවෝල්වරයක් පැහැරගොස් තිබෙනවා.