පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා දෙන ලෙස රාජ්‍ය ආයතන වල සිදුවු වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත්තේ වගකිවයුතු නිළධාරියෙක් හරහා එම ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙයසි.
රිෂාඞ් බදියුදීන් මහතා අයථා ලෙස ලේඛණ සකසා මන්නාරම ප‍්‍රදේශයේ අක්කර 3000 ක් මිළදී ගැනිමේ සිද්ධියක් පිළිබදව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් රජයේ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබුණා.
ඔහුගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉල්ලා ඇත්තේ අදාළ පරීක්ෂණ සදහායි.
මේ අතර මත්තල ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු රාජ්‍ය ආයතන වල සිදුවු වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම හමුවට කැදවා තිබෙනවා. ඒ මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි තාක්ෂණික උපකරණවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලකට අදාළ ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහායි.