ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජයේ පළමු අයවැය යෝජනාවලිය අද එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා
ඒ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින්.
ඉන්දිරා ගාන්ධිගෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය ධුරයට පත්වූ දෙවන කාන්තාව ඇයයි.
පෙරවරු 11 00 ට අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.
2019 වසර සදහා වන ඉන්දීය ආර්ථික සමීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ඊයේ දිනයේ දීයි.
එරට ආර්ථික උපදේශක ක‍්‍රිෂ්ණමූර්ති සුබ‍්‍රමනියම්ගේ ප‍්‍රධානත්වයෙන් අදාල වාර්තාව සකස් කර තිබෙනවා.
එහි සදහන් වී ඇත්තේ ඉන්දියාවේ ආර්ථික පසුබෑම හමුවේ වුවත් ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 05 ක ආර්ථික වර්ධනයක් ලබා ගෙන ඇති බවයි.