ඇමරිකාව සමඟ පවතින වෙළඳ යුද්ධයේ බලපෑම අවම කරලීම සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කටයුතු සිදුකරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම බීජිං නුවර පැවති ආයෝජන හමුවකදී මේ බව ප්‍රකාශ කළ බවට සවුත් චයිනා මෝර්නිං පෝස්ට් පුවත්පත සඳහන් කළා.
ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් ප්‍රමුඛතා තීරු බදු වරප්‍රසාද හිමි වී තිබෙන බව ද ඔහු මෙහිදී අවධාරණය කර ඇති අතර එම වාසිය උපයෝගී කරගෙන චීන භාණ්ඩ මෙහි නිපදවා ඇමරිකාවට අපනයනය කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.