News Line| Off Air
Generic placeholder image

Jul
5

කන්කසන්තුරේ මුහුදෙන් අලුත් කොරල් පරයක් සොයා ගනී

553 Views


කන්කසන්තුරේ මුහුදෙන් අලුත් කොරල් පරයක් සොයා ගනී

උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයෙන් මෙතෙක් නොදුටු කොරල් පරයක් සොයා ගැනීමට සමත්වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ කිමිදුම් මෙහෙයුමකින් මෙම කොරල්පරය සොයාගත් බව සදහන් වෙනවා.

මෙම කොරල් පරය දියකඩනයේ මුහුදු දෙසින් මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇති අතර සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරල් පර හඳුන්වා දිය හැකි බවත් ස්වාභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා මේවා දිරාපත් වන නිසා ඒවා ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post