News Line| Off Air
Generic placeholder image

Jul
5

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා ඇති දියුණුවට හේතුව අකිලගේ කැපවීම බව රනිල් ස්තුතිය පළ කරමින් කියයි

813 Views


අධ්‍යාපන ක්ෂේත්‍රයේ  ලබා ඇති දියුණුවට හේතුව  අකිලගේ කැපවීම බව  රනිල් ස්තුතිය පළ  කරමින් කියයි

‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහනේ 11 අදියර ලෙස රට පුරා පාසල් ගොඩනැගිලි 250 ක් විවෘත කිරීම සනිටුහන් කරමින් පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී ඉකුත්දා පැවැති ජාතික උත්සවයේ දී අගමැතිවරයා වර්තමානයේ රට පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන දියුණුවට හේතුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කැපවීම බව පවසමින් සිය ස්තුතිය පළ කළා.

අධ්‍යාපනයෙහි සංවර්ධනය වෙනුවෙන් අමාත්‍යවරයා සමඟ සිදු කරන කැපවීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට ද අග්‍රාමාත්‍යවරයාගේ මෙහිදී පැසසුම ලක්කල අතර 21 වැනි සියවසෙහි අභියෝගවලට මුහුණදිය හැකි සිසු දරුවන් බිහි කිරීම සඳහා නවීන තාක්ෂණ දැනුම ලබාදීම පිණිස ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ප්‍රශංසාව පිරිනැමුවා


News Articles
Latest Videos
Most Popular Post