එල්.ටී.ටී.ඊ යට සහය පල කරමින් ඉන්දියාවේ ස්වෛරීභාවයට හානි වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ තමිල්නාඩු දේශපාලනඥයකු වන එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ හට එරට අධිකරණයක් මඟින් වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
තමිල්නාඩු ප්‍රාන්ත ඩී.එම්.කේ පක්ෂ රජය විසින් චෙන්නායිහි විශේෂ අධිකරණයක් හමුවේ ගොනු කරන ලද නඩුවක තීන්දුව අද මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
‘ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි යුදමය ක්‍රියාමාර්ගය නතර කිරීමට කටයුතු නොකළහොත් ඉන්දියාව එක් රටක් ලෙස නොපවතිනු ඇති‘බවට 2009 වසරේ තමා විසින් රචිත කෘතියක් එළි දැක්වීමේ අවස්ථාවකදී වයිකෝ ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දියාව තුළ තහනමට ලක්ව ඇති ත්‍රස්ත සංවිධානයක් මුල් කරගනිමින් වයිකෝගේ එම දේශද්‍රෝහී ප්‍රකාශය රටේ සෛවරීභාවයට හානියක් බවට චෝදනා කරමින් ප්‍රාන්ත රජය මෙම නඩුව ගොනු කර තිබූ බව සඳහන්.එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් මීට පෙරද වයිකෝ හට වසරක සිරදඬුවමක් නියම වී තිබුනා.