News Line| Off Air
Generic placeholder image

Jul
5

අත කොටා ට වසර 24 ක සිර දඩුවමක්

686 Views


අත කොටා ට වසර 24 ක සිර දඩුවමක්

අල්ලස් චෝදනා වලට වරදකරු කෙරුණු දැරණියගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අත කොටා නැමැත්තාට බරපතල වැඩ සහිත වසර 24 ක සිරදඬුවම් නියම කර තිබෙනවා. නඩුව කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේයි.

විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් ලක්ෂ හතරක දණ්ඩන මුදලක් ද නියම කලා. විනිසුරුවරයා විත්තිකරුට නියෝග කලේ පැමිණිලිකාරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙසයි

එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවද සදහන් කලා.

2001 වසරෙදී දැරණියගල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ඉඩමට අදාල වීදි රේඛා සහතිකය ලබාදීම සඳහා විත්තිකාර දැරණියගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ 5 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබුණා. ඉන් රුපියල් ලක්ෂ හතරක් ලබා ගත් බවට චෝදනා කරමින් නඩුව ගොනු කලේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වු බව ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post