News Line| Off Air
Generic placeholder image

Jul
5

කිසිදු යුගයක නොවු අයුරින් තමා රටේ නිදහස ශක්තිමත් කළ බව ජනපති කියයි

477 Views


කිසිදු යුගයක නොවු අයුරින් තමා රටේ නිදහස ශක්තිමත් කළ බව ජනපති කියයි

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානය මේ වන විට ශ්‍රී ලංකාවේ විනාශ කර තිබෙන බවත්, අද රටේ ස්ථීර සාර සාමයක් ගොඩනැගී තිබෙන අතර ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලූවක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට අද (05) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ පිරිවෙන් වැඩිදියුණු කිරීමේ වැඩසටහනට අනුව රුපියල් ලක්ෂ  133ක මුදලක් වැය කරමින් මෙම අංග සම්පූර්ණ භික්ෂු නේවාසිකාගාරය ඉදිකර තිබෙනවා.

පසුගිය වසර හතර හමාර තුළ කිසිදු යුගයක නොවු අයුරින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, නිදහසත් ශක්තිමත් කිරීමට තමා කටයුතු කළ බව ජනධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ බලාපොරොත්තු නොවූ තත්ත්වයක් රටේ නිර්මාණය වුව ද මේ වන විට නැවත රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැඟී තිබෙන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

එම තත්ත්වය තුළ අද සියලු දෙනාට පැවරී ඇති වගකීම වන්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙළ කඩිනමින් සහ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post