දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත වියළි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කව පමණක් තරමක සිහින් වැසි වාර කිහිපයක් ඇත විය හැකි බවද වාර්තා වෙනවා.
එමෙන්ම උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළංඇති වියහැකි අතර උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය,හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වාවන තරමක් තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් පැවසුවා.