News Line| Off Air
Generic placeholder image

Jul
6

මුස්ලිම් රටවල තානාපතිවරුන් හා විපක්ෂ නායක අතර හමුවක්

622 Views


මුස්ලිම් රටවල තානාපතිවරුන් හා විපක්ෂ නායක අතර හමුවක්

මුස්ලිම් රටවල් නියෝජනය කරමින් මෙරට සිටින තානාපතිවරුන් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා.

ඒ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදියි.

මෙම හමුවට තුර්කිය, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව, සෞදි අරාබිය, පලස්තීනය, බංගලාදේශය, කුවෙට් රාජ්‍ය, කටාර්, මාලදිවයින, ඉරානය, ලිබියාව සහ ඉරාකය යන රටවල තානාපතිවරු සහභාගී වී සිටියා.

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සහ ඉන් පසුව ඇති වී තිබෙන තත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post