News Line| Off Air
Generic placeholder image

Jul
6

ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් මොණරාගල දිස්ති‍්‍රක් වැසියන්ට ප‍්‍රතිලාභ රැසක්

419 Views


ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් මොණරාගල දිස්ති‍්‍රක් වැසියන්ට ප‍්‍රතිලාභ රැසක්

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්ත සංවිධානය මෙරටින් තුරන්කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැගිල්ල සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.

රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ති‍්‍රක් වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ බිබිල මහජන කි‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසදුණු ගැටලූ හදුනාගෙන එම ගැටලූ විසදීම සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් වැඩසටහන ක‍්‍රියාත්මකයි. එහි පස්වන අදියර පසුගිය පළමු වැනිදා මොණරාගල දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරුණා.

මෙම වැඩසටහන සතියක් පුරා කි‍්‍රයාත්මක වූයේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට අයත් ග‍්‍රාම නිලධාරි වසම් 319ක් ආවරණය කරමිනුයි. ඉන් ප‍්‍රතිලාභ ලැබු මුළු පුද්ගලයින් සංඛ්‍යාව අනූතුන්දහස් හත්සිය අටක්. ව්‍යාපෘති 1091ක් වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 42.5කට අධික යි.

ජනාධිපති කාර්යාලය මගින් කි‍්‍රයාත්මක ජාතික වකගඩු රෝග නිවාරණය, ග‍්‍රාමශක්ති, ජාතික පරිසර සංරක්ෂණය, දරුවන් සුරකිමු, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය, ඇතුලූ කි‍්‍රයාකාරකම් රැසක් මෙම සතිය පුරා ක‍්‍රියාත්මක කර තිබෙනවා.

අද පැවැත්වෙන සමාප්ති වැඩසටහනේ දී දිස්ති‍්‍රක්කයේ ජනතාවට ප‍්‍රතිලාභ රැසක් බෙදාදීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post