News Line| Off Air
Generic placeholder image

Jul
6

ඉස්ලාම් ළමා විවාහ නීතියෙන් ඉවත් කළ යුතු බව රතන හිමි කියයි

529 Views


ඉස්ලාම් ළමා විවාහ නීතියෙන් ඉවත් කළ යුතු බව රතන හිමි කියයි

ඉස්ලාම් ළමා විවාහ නීතිය ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඊයේ(05) මාතර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.

විවාහය නාමයෙන් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගම වැළඳගැනීමට සිදුව ඇති පිරිස්වලට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ද එම පනත් කෙටුම්පතින් ලබාදෙන බව රතන හිමියන් පෙන්වා දෙනවා.

පාසල් දරුවන් විවාහ කරගැනීම රටේ ඇති නිතීය යටතේ වරදක් බව උන්වහන්සේ සඳහන් කළ අතර රතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ කොන්ද පණ ඇති ආණ්ඩුවක් විසින් ඉදිරි ජනාධිපතිවරනයෙන් පසුව කළ යුතු පළමු සංශෝධනය වන්නේ පාසල් යන දරුවන් විවාහ කරගැනීම නිතීවිරෝධී ක්‍රියාවක් බවට පත් කළ යුතු බවයි.

 


News Articles
Latest Videos
Most Popular Post