News Line| Off Air
Generic placeholder image

Jul
6

ශ්‍රී.ල.නි.ප යේ ආරම්භක ප්‍රතිපත්තීන් වෙනස් වී ඇති බව චන්ද්‍රිකා කියයි

805 Views


ශ්‍රී.ල.නි.ප යේ ආරම්භක ප්‍රතිපත්තීන් වෙනස් වී ඇති බව චන්ද්‍රිකා කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්තීන් වර්තමානය වනවිට වෙනස් වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා.

යක්කල වීරගුල ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින්ට ද්‍රව්‍යමය ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පළ කර තිබෙනවා.

තමාගේ මව පියා සහ තමන් විසින් ගොඩ නැගූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නොමැති බවත් පක්ෂයේ සිදුවන කිසිවක් පිළිබඳ තමා දැනුවත් භාවයකින් තොර බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post