News Line| Off Air
Generic placeholder image

Jul
6

අර්ජුනගෙන් දුම්රිය සේවකයින්ට ඉල්ලීමක්

527 Views


අර්ජුනගෙන් දුම්රිය සේවකයින්ට ඉල්ලීමක්

දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට රජය කටයුතු කර ඇති බැවින් නැවත මහජනයා අපහසුතාවට පත්වන අකාරයෙන් කටයුතු නොකරන ලෙස ඉල්ලීමක් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

පලාලි ගුවන්තොටුපොළ නවීකරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර පසුගියදා දුම්රිය ගැටළු සම්බන්ධ සාකච්ඡා සාර්කථකව අවසන් කර ඒ පිළිබඳ අදාළ අංශ වෙත තේරුම් කර දුන් බව ඔහු පෙන්වා දුන්නා.

මහජනයා අපහසුතාවට පත්වන ආකාරයේ යම් දෙයක් යළි සිදු නොකරන ලෙස අදාළ අංශ වෙත තරයේ ප්‍රකාශ කළ බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post