News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

කොත්මලේ බ්ලූම් ෆිල්ඩ් වතුයායේ නිළධාරීන්ට ප‍්‍රහාරයක්

579 Views


කොත්මලේ බ්ලූම් ෆිල්ඩ් වතුයායේ නිළධාරීන්ට ප‍්‍රහාරයක්

කොත්මලේ බ්ලූම් ෆිල්ඩ් වතුයායේ නිළධාරීන්ට ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
වතු කම්කරුවන් පිරිසක් විසින් එම නිළධාරීන්ට හා ඔවුන්ගේ දෙපල වලට පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ.
වතු පාලන අධිකාරියේ සිව් දෙනෙකු තුවාල සිදුවීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත ඇතුලත්කර තිබෙනවා.
වතු කම්කරුවන්ට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ බාරකාර අරමුදල් මාසිකව ඔවුන්ගේ ගිණුම් වලට බැර නොකරන බවට චෝදනා කරමින් කම්කරුවන් විරෝධතාවයක් පවත්වා තිබුණේ ඊයේ දිනයේදීයි.
එම සිද්ධිය මුල්කර ගනිමින් ඊයේ රාත‍්‍රියේ කම්කරුවන් පිරිසක් වෘත්තිය සමිති නායකයින් පිරිසක් සමග එක්ව පහරදිම සිදුකල බවට සැක පළ කෙරෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 18ක්.
වතු කළමණාකරුවන්ගේ නිවාස දෙකකට මොටර් රථයකට හා ජිප් රථයකට මෙන්ම තේ කර්මාන්තශාලාවේ ගොඩනැගිලි වලට පහර දී හානි සිදුකර ලක්ෂ 15 ක මුදල්ද පැහැරගෙන ගිය බවට සැකකරුවන්ට චෝදනාඑල්ලවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post