ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද පැවැත්වෙනවා. ඒ ලීඞ්ස් හීදීයි.
තරගාවලියේ 44 වන තරගය වන මෙය පස්වරු 03 .00 ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාවට ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට මෙම තරගයේ ජයග‍්‍රහණය වැදගත්. ඉන්දියාව මේ වන විට සහභාගි වූ තරග අටෙන් හයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 13 ක් ලබා සිටිනවා.
දකුණු අප‍්‍රිකාව සමග අද පැවැත්වෙන තරගයෙන් ඔස්ටේ‍්‍රලියාව පරාජය වුවහොත් ප‍්‍රසාද ලකුනු සටහනේ පලමු ස්ථානයට පත් වන්නේ ඉන්දියාවයි.
ඕස්ටේ‍්‍රලියාව එම තරගයෙන් ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 16 ක් බවට පත්ව පළමු ස්ථානයේම රැදී සිටින අතර ඉන්දීය කණ්ඩායමට ශ‍්‍රී ලංකාවට එරෙහිව ජය ලැබුවත් දෙවැනි ස්ථානයේ ම රැදී සිටිමට සිදු වනවා.