News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවත අද සිට ක්‍රියාත්මකයි

917 Views


ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවත අද සිට ක්‍රියාත්මකයි

පරිගණක පද්ධතියේ ඇතිවු වු දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක කෙරනෙ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය සිකුරාදා දිනයේ පරිගණක පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාළිකව නවතා දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණු අතර මේ වන විට එම දෝෂය යථාතත්වයට පත් කර ඇති අතර සාමාන්‍ය පරිදි හැඳුනුම්පත් නිකුත් කිරීමට හැකියාව පවතින බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම සේවය අක්‍රිය වී තිබු දින දෙක තුළදී ඒ සඳහා මුදල් ගෙවා තිබු අයඳුම්පත් සඳහා සාමාන්‍ය සේවා යටතේ අද දිනයේ හැඳුනුම්පත් ලබා ගැනීමට අවස්ථාව පවතියි. ඊට අමතරව එක්දින සේවාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අයඳුම්පත් භාරදුන් පිරිස් සඳහා නොමිලේ හැඳුනුම්පත් නිකුත් කෙරෙන බවද පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post