කෑගල්ල පොලිස් වසමේ ගොඩපොල ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (07) දහවල් කාන්තාවකට, ගැහැණු ළමයෙකුට සහ පිරිමි ළමයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා.
එම ප්‍රහාරයෙන් පසු අදාළ පුද්ගලයාද ඇසිඩ් පානය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.ඇසිඩ් පානය කළ පුද්ගලයා සහ කාන්තාව, දරුවන් දෙදෙනා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇසිඩ් පානය කළ පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 42ක් වූ කනංගරපුර, කොටියාකුඹුර ලිපිනයේ පදිංචි ගනේබොඩ විදානලාගේ විජිත රුවන් වික්‍රමපාල නැමැත්තෙක් වන අතර මරණකරු සහ එම කාන්තාව අතර පැවැති අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම සිදුවීම ඇතිව තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.