තවත් වසර හයක් රටේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය තබා ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රාජපක්ෂවරු 6 දෙනෙක් එක්ව ඇති බවත් පැවසු ලක්ෂමන් කිරිඇල්ල මහතා, නමුත් එක්සත් ජාතික පක්ෂයේ එවැනි ක්‍රියාවලියක් නොමැති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.
කෘතියාධිකාරී මණ්ඩලය මඟින් මුළු ලංකාවම නියෝජනය වන බවත් එය කැඳවා ජයග්‍රහණය කළ හැකි නායකයෙක් පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.