මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට කැපවූවන් අගය කරමින් ප‍්‍රශස්ථ සේවා ඇගයීම් සහතික ප‍්‍රදානය කිරීම අද සිදුවනවා.
ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශ පරිශ‍්‍රයේ දීයි.
මොරගහකන්ද – කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතියට සම්බන්ධ සෙසු වාරි ව්‍යාපෘති කඩිනම් කරනලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ නිළධාරීන්ට උපදෙස් දී තිබුණා.
වයඹ ඇළ, මිනිපේ ඇළ සහ ඉහළ ඇලහැර ඇළ සංවර්ධන කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මකයි.
මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ උතුරු මැද / නැගෙනහිර හා මධ්‍යම පළාත්වල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දී එම පළාත්වල සියලූ කුඹුරු අස්වැද්දීමට අවශ්‍ය වාරි ජලය සැපයීමයි.
ව්‍යාපෘතියට වයඹ ඇළ ඉදිකිරීම්ද ඇතුළත් අතර එමගින් වයඹ පළාතේ වැව් 303 කට ජලය ලබාදීම සිදු කෙරෙනවා.
මේ අතර කැබිනට් රැස්වීම අද කැදවා තිබෙනවා.
මුස්ලිම් අමාත්‍යවරුන් ද ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකට එක් වීමට නියමිත බවයි රජයේ ජ්‍යේශ්ඨ අමාත්‍යවරයෙකු සදහන් කලේ.