අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනෙකු යාපනය ප‍්‍රදේශයේ ඉඩම් නිරීක්ෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ ඊයේ (07) රාති‍්‍රයේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී
මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මෙලෙස පැමිණි අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනා මේ වනවිට දිවයිනෙන් පිටව ගොස් ඇති බවත් ඔවුන්ගේ පැමිණීමෙන් රටේ ආරක්ෂාවට ගැටලුවක් නොවන බවත්, පැමිණි ක‍්‍රමවේදය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා බැලිය යුතු බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.