තේ දලූ මිල සීඝ‍්‍රයෙන් පහත යමින් පවතින බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා.
එහි කැදවුම්කරු ලාල් පේ‍්‍රමතිලක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ මේ හේතුවෙන් කුඩා තේවතු හිමියන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින බවයි.
පවතින තත්වයේ වෙනසක් මෙම මාසය අග භාගයේ අපේක්ෂා කරන බවයි තේ මණ්ඩලයේ සභාපති ලූසිල් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.