News Line| Off Air
Generic placeholder image

Jul
8

ෂැංග්රිලා හෝටලයේ බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ බව කියන සැකකරු යලි රක්ෂිත බන්ධනාගාරයට

489 Views


ෂැංග්රිලා හෝටලයේ බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ බව කියන සැකකරු යලි රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ත‍්‍රස්තවාදියාට අයත් බව කියන වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නැමති සේවකයා ලබන 15 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරු අද ඉදිරිපත් කලේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියටයි.
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව විමර්ශන සිදුකරන ත‍්‍රස්ත මර්දන කාර්යාංශයේ අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව සැකකරු යලි රක්ෂිත බන්ධනාගාර ගත කල අතර පරීක්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙයසි නියෝග කලේ.
තඹ කම්මලේ සේවය කළ තවත් සේවකයින් නව දෙනෙකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post