කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බලප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
එමෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන හා සොයිසාපුර මහල් නිවාසවලට ද ලබන බදාදා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව සදහන්.
එම ප්‍රදේශවලට ලබන බදාදා පෙරවරු 09 සිට පසුදා පෙරවරු 09 දක්වා පැය 24ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.