එක් දින ක්‍රිකට් තරගමාලාවකට සහභාගී විම සඳහා බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන 23 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.
ලබන 26 වනදා පළමු තරගය පැවැත්වෙන අතර දෙවන තරගය ලබන 28 වනදාත් තුන් වන තරගය ලබන 31 වනදාත් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
තරග තුන සඳහාම තෝරා ගෙන ඇත්තේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයයි. මේ අතර ටෙස්ට් හා 20 යි 20 ක්‍රිකට් තරග සංචාරයක් සඳහා නවසීලන්ත කණ්ඩායමද ලබන මස දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.