News Line| Off Air
Generic placeholder image

Jul
9

දිවයින පුරා තද වැසි

487 Views


දිවයින පුරා තද වැසි

දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද දිනයේ දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් වෙනවා.

දිවයිනේ සෙසු ප්‍ර‍‍දේශවල විශේෂයෙන් නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල තැනින් තැන සවස 2 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවත් ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post