News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

පුපුරණ ද්‍රව්‍ය තොගයක් කිලිනොච්චියේ ළිඳකින් සොයා ගනී

795 Views


පුපුරණ ද්‍රව්‍ය තොගයක්  කිලිනොච්චියේ ළිඳකින් සොයා ගනී

කිලිනොච්චිය,පරවිපාන්චාන් ප්‍රදේශයේ ළිඳක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(08) සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කලක් අතහැර දමා තිබු ළිඳක් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති බවයි.ටි 56 වර්ගයේ ගිනි අවි පතුරම් තොගයක්, මෝටාර් උණ්ඩ දෙකක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එලෙස හමුවු බව පොලීසිය සඳහන් කළා.ඒ අනුව පොලීසිය වැඩිදුරටත් පැවසූවේ ගෙවත්ත අයිතිකරු ලබාදුන් තොරතුරක් මත පොලිස් නිළධාරීන් ගොස් අදාළ පුපුරණ ද්‍රව්‍ය ගො‍ඩගෙන ඇති අතර, සොයාගත් පුපුරණ ද්‍රව්‍යය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිත බවය.


News Articles
Latest Videos
Most Popular Post