මුස්ලිම් මන්තී‍්‍රවරුන් පිරිසක් ඊයේ (08) රාත්‍රියේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවුණා. එහිදී තමන් මේ වනවිට මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳ එහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී පවසා ඇත්තේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් මුස්ලිම් කණ්ඩායම් සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බවද චෝදනාවක් නැතුව වැරදිකාරයෝ බව ඔප්පු කරන්න බැරුව ඉන්න එම තරුණ මුස්ලිම් පිරිස මුදා හරින්න කටයුතු කරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලු බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා. එහිදී ජනපතිවරයා නීතයට අනුකුලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වුණ බව ඒ මහතා පැවසුවා.