හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ඇප ඉල්ලීම පිළිබද තීරණය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
සැකකරුවන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ පසුගිය 03 වනදායි. ඔවුන් රෝහල්ගතව සිටින බැවින් එදින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
නමුත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 02 වනදා පස්වරුවේ දීයි.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට පත් වුනේ නාරහේන්පිට පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.