2018 වසරෙදි රැකියා වියුක්ති අනුපාතය සියයට 4.4 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමෙන්තුවේ වාර්තා පෙන්වාදෙන ආකාරයට 2017 වසරේ රැකියා වියුක්තිය 358,507 ක් වන බවත් 2018 වසරෙදි එය 372,591 දක්වා ඉහළ ගොස් තිබෙන බවද එ අනුව එහි අනුපාතය සියයට 4.4 ක් වන බව පැවසෙනවා. ඉන් සියයට 03 ක ප්‍රතිශතයක් පුරුෂයින් වන අතර සියයට 7.1 ක් ස්ත්‍රීන් වන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.