රටපුරා බාල පෙට්රල් බෙදාහැර ඇතැයි පැතිරයන කටකතාව ප‍්‍රතික්ෂේප කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසනවා.
පුද්ගලික ඉන්ධන අලෙවිසැල් දෙක තුනකින් පමණක් මෙවැනි සිදුවීමක් වාර්තා වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.
එම අලෙවිසැල් මොනවාද යන්න සොයාබලා වාර්තාවක්ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්, රටපුරා බාල පෙට්රල් බෙදාහැර ඇතැයි පැවසෙන කතාව සියයට සියයක් ප‍්‍රතික්ෂේප කරන බවත් රාජ්‍ය අඅමාත්‍යවරිය පවසා සිටියා.
පුද්ගලික අලෙවිසැල් හිමිකරුවන් හට බවුසර්වලදී වුවද තෙල් කලවම් කළ හැකි බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරිය, සෑම දිස්ත‍්‍රික්කයකම ඉන්ධන පිරවුම්හල්වලින් 5%කින් නියැදි රසායනාගාර පරීක්ෂාවන්ට භාජනය කරන බව අවධාරණය කළා.
මෙම ගැටලූවට පිළියමක් ලෙස කොළොන්නාව, සපුගස්කන්ද ආදී ඉන්ධන ගබඩාවන් වල ඉන්ධන ද පරීක්ෂාවට ලක්කරන බවයි අමාත්‍යවරිය කියා සිටියේ.
ඉන්ධන නැවෙන් ගොඩබාන අවස්ථාවේ ම පරීක්ෂාකර යවන බැවින් මෙවැනි විශාල දෝෂයක් සිදුවීමට ඉඩ නොමැති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය සඳහන් කළා.