හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකරුවන් ඇප මත මුදාහැරියේ රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මතයි.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් පසුගිය 2 වන දා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා රාජකාරී වගකීම් පැහැර හැරීමෙන් අපරාධමය වරදක් සිදුකර ඇතැයි පෙනී යන බැවින් මොවුන් දෙදෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි නීතිපතිවරයා පසුගිය දා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළා.