News Line| Off Air
Generic placeholder image

Jul
9

පාසල් ළමුන්ට හූනකු සමග කෑම දුන් කොන්ත්‍රාත්කරුවෙක් රිමාන්ඩ්

516 Views


පාසල් ළමුන්ට හූනකු සමග කෑම දුන් කොන්ත්‍රාත්කරුවෙක් රිමාන්ඩ්

මියගිය හුනෙකුගේ මළ සිරුරක් සහිතව පාසල් ළමුන්ට දිවා ආහාරය සපයන ලද ආහාර කොන්ත්‍රාත්කරුවෙක් ලබන 19 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වවුනියා දිසා විනිසුරුවරයා ඊයේ නියෝග කලා.
වවුනියාව පාසල් සිසුන්ට ලෝක ආහාර වැඩසටහන යටතේ දිවා ආහාරය සැපයෙන අතර එම ආහාර වේල් පාසල තුළ පිළියෙල කිරිම අසිරු බැවින් විදුහල්පතිවරුන් විසින් එය ආහාර සැපයුම් කරුවන් පත් කොට ඔවුන් ලවා පාසල් වලට පිසූ ආහාර සපයනු ලබන අතර මෙසේ එක් කොන්ත්‍රාත්කරුවෙකු විසින් පසුගිය 05 වනදා ලබා දි තිබු දිවා ආහාරයේ හූනෙකුගේ මළ සිරුරක් තිබි සිසුන්ට හමුව තිබෙනවා.
එ අනුව මෙම ආහාර ලබාදුන් එම කොන්ත්‍රාත්කරු මීට පෙරද මෙලෙස සිසුන්ට අපිරිසිදු ආහාර සපයන බවට චෝදනා ලැබ අධිකරණයෙන් සමව ලද අයෙක් බව සදහන් වෙනවා.
එ අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සැකකරුව වවුනියාව දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහුව රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් ලබන 19 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් දිසා විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post