හෙට(10) දින උදෑසන 9 සිට බ්‍රහස්පතින්දා (11) උදෑසන 9 තෙක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
ශ්‍රි ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු කරනු ලබන කොළඹ නගර සංවර්ධන කිරීමේ ව්‍යාපාතිය හේතුවෙන් මෙම ජල සැපයුම පැය 24 ක් කප්පාදු කර තිබෙනවා.
මේ අතර, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ද ජලය අඩු පීඩනයක් යටතේ සපයනු ලබනවා.