News Line| Off Air
Generic placeholder image

Jul
10

විදුලිබල මණ්ඩලය ණය ගෙවන්න තවත් ණයක් ගන්න යයි

832 Views


විදුලිබල මණ්ඩලය ණය ගෙවන්න තවත් ණයක් ගන්න යයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාව විසින් ලබා දී තිබෙන ණය සීමාව රුපියල් බිලියන 80ක්. එම ණය සීමාව මේ වනවිට්ට ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව තාප බලාගාර කි‍්‍රයාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට ලබාදෙන ඉන්ධන නතර කිරීමටයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළේ. ඒ හේතුවෙන් පෙරේදා දිනයේ ප‍්‍රදේශ රැසකට විදුලි සැපයුම අත්හිටුවීමට විදුලිබල මණ්ඩලයට සිදු වුණා. ඊයේ දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයට යළි ඉන්ධන ලබා දීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළේ හිඟ ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් මතු වූ එකගතාවයක් හේතුවෙන්.

ඒ අනුව රුපියල් බිලියන 80 ක ණය එකවර ගෙවා දමන්නේ කෙසේදැයි විදුලිබල අමාත්‍යංශයෙ ලේකම් සුරේන් බටගොඩ කියා සිටියේ සම්පූර්ණ ණය මුදලින් කොටසක් හෝ පියවීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා බැංකුවකින් යළි ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර ඇති බවද සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post